Friday, May 29, 2015




                          දිය බොන ලිදේ වැටුනම             

                    අපි .............  මක්  කරමූ..................?                                  

             







ගහක් කොලක් නම් කප්අඅඅ ගොඩ               අදිමු
ලෙඩක් දුකක් නම් සද්දාදා අ බලි                  අරිමු                  
කෙනෙක් කලා නම් හද්දාඅඅඅ  පලි            ගසමු                    
දිය බොන ලිදේ වැටුනම අපි මක්              කරමුඋඋඋ 

              
                            ඔහු  සීපදය ගයන්නට ඇත්තේ  එක් වරක් පමණක් වීමට පුලුව. මහර විට පදයක් පමණක් ගයා ව්‍යාධ දේව අතුරු දහන් වන්නට ඇත. මම ගසකට නැග වට පිටාව හොදින් සෝදිසි කෙරුවෙමි. පණ ඇති සතාසීපාවෙක් හෝ අසලක නොවීය. නමුත් කවුදෝ තවමත් සීපදය ගයයි. වැඩි දුරක වන්නටත් පුළුවන් කමක් නැත. ඇසෙනේද කනට නොව පපුවටය. මේ නම් අද්භූත හඩක් ලෙස සිතන්නට කිසිසේත්ම නොහැක. මක් නිසාද මෙම සීපදය මා මීට පෙර අසා නැති පද පෙලකි. නමුත් එහි තේරුම මගේ ජීවිතයට ඉතා සමීපය. දැන් මට එය කටපාඩම්ය. මම ද සීපදය මුමුනමින් ඉදිරියට යන්නට පටන් ගතිමි. මට පුදුම දේවල් සිතේ. මම සිතින් කාලයට සාප කරන්නට පටන් ගතිමි. 
                           කාලය යනුවෙන් ක්‍රම වේදයක් මිනිසා ගොඩ නගා නො ගත්තේ නම් කොතරම් අපූරුදැයි මට සිතේ. කාලය සහ අවකාශය පිළිඹද ගැඹුරු බරපතල දෘෂ්ටි වාද වල මමද හිතේ හැටියට පැටලී තිබේ. කාලය පිළිඹද ගැඹුරුම දෘෂ්ටි වාද හමු වන්නේ ජ්‍යෝතිෂය අවබෝධ කරගැණීමේදී බව මා දැනුවත් කළේද ව්‍යාධයෝමය.  නුඹ කාලය ගැන ගැඹුරු දෘෂ්ටිවාද වල පැටලෙන්නේ ඔරලෝසුව අධිනිෂ්චය කරගෙන කියමින් ව්‍යාධයයෝ මට හූ කියමින් සිනාසෙන්නට වී. ඔරලෝසුව යනු සූර්යාගේ ගමනේ ප්‍රතිනිර්මානයක් බව මම වටහා ගත්තේ ඉන් පසුවය. කොටින්ම මිත්‍යාවක් ලෙස සිතා ජ්‍යෝතිශ්ශාස්ත්‍රය මම එකල හෙලා දැක්කෙමි.මම ඊට එකඟ  නැති බව ඔහුට පැවසූවිට සතා සීපාවා පවා ග්‍රහ තරු වලට අනුගතව සිය වැඩ කටයුතු කරගන්නා ආකාරය ඔහු මට නොදරුවෙකුට මෙන් පැහැදිලි කරන්නට විය.
              සැබෑවටම ව්‍යාධයෝ දෙවියෙක් සේ මට දැනිනි. ඔහු නිවැරදිය. ඔරලෝසු කාලය යනු සෑම දෙයකම වෙනස්වීම මැනීමේ තවත් එක් මිම්මක් පමණි. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය අවබෝධ කරගත් අයෙකුට එවැනි මිමි අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ඇති බව වැටහෙන්නට පටන් ගනී. එය මිනිස් ආධ්‍යාත්මයේ ගති විද්‍යාව බව ව්‍යාධ දේවයෝ මට පසක් කර දුන් සේක. කාලය ගැන සිතීමේ අවසානය කාලයද සම්මුතියක් බව වටහා ගැනීම බව සිතේ. කාලයේ සීමාව සූන්‍යයට අසන්න වන විට අවකාශයේ පැවැත්ම අර්බුදයකට ලක් වෙන බව මම ව්‍යාධට තේරැම් කරන්නට හිතා ගතිමි. එහෙත් ඊට පෙර කාලයක් නැතිවද සිතිවිලි වලට පැවැත්මක් ඇති බව වැටහෙන්නට විය. අප කොදෙව්වේ ගණිතය වැඩිදුර හදාරනන් ජාතික මත වාදය කරට ගන්නේ ගෞතම සිද්ධාරථයෝ නිසා බව ව්‍යාධයෝ මට අවබෝධ වන්නට ඉඩ දුන් අයුරු පුදුමාකාරය. මක් නිසාද යත් බුදුන්ගෙන් තොරව මෙරට ජාතික මත වාදය පිළිඹද කෙසේනම් කතා කළ හැකිද?  සිද්ධාර්ථයන් තරම් ගණිතය පිළිඹද ප්‍රශ්ණ කළ අයෙකු මිහිපිට සිටියේ දැයි  දැන් මට සැක සහිතය. ඒ කාරණයෙන්ම පමණක් සිද්ධාර්ථයෝ යනු බුද්ධම නොවේ දැයි ව්‍යාධයෝ මගෙන් විමසන්නට විය. කාල් මාක්ස් නම් ප්‍රායෝගික දාර්ශනිකයා දයලෙක්තික චින්තනය මතු  වන්නේ මිනිස් චිංතනයේ උසස්ම අවධීන් වලදී බව පවසමින් ඒ සඳහා උදාහරණයට ගන්නේ පුරාණ ග්‍රීකයන් සහ බෞද්ධයන්වය. පවතින සාධක අරමුණු කර ගනිමින් සිද්ධාරථයන් උපදින්නට අවුරුදු හය දහසකට පමණ පෙර යුරේනස්, නැප්චූන් සහ පුලූටෝ ගැන යථා වාදී සොයාගැනීම් කර ඇති කාකබුද්දන්ජර නැමති ඉර්ෂි වරයා කර්ම පල වාදය පිළිඹද ගැඹුරු කියවීම් කර ඇති හෙයින් දයලෙක්තික චින්තනයේ සීමාවන් ලකුණු කිරීම ලාංකේය මාක්ස්වාදීන්ගේ යුතුකමක් නමුත් එය කිසිදා සිදු නොවන වග ව්‍යාධගේ නිහඩතාවයෙන් මට අවබෝධ විය. මට ඊනියා මාක්ස් වාදීන්, යාන්ත්‍රික භෞතිකවාදීන් හේතුවාදීන්, කියාගන්නා සියල්ලන්වම සටනට කැදවීමට ආවේගයක් පහල විය. එකිනෙහිම මහ හඩින් ව්‍යාධයෝ මොර දෙන්නට වී. ''මේ කාලය නෙමේ'' කියමින් ඔහු එක දිගට  හඩ නගන්නට වී. මට ඔඩිසි නාටකයේ ඔඩිසිව සිහිපත් විය. සතුරන් සමග අනිසි කාලයක සටනට යන්නට සිය පුත්‍රයා ඉදිරිපත් විමේදේ ඔඩිසි වීරයා කියන්නේද ඒ වචන තුනමය. සැබෑවටම ව්‍යාධගේ හැඩ රුව සහ එඩිතර කමත් ඔඩිසිට ආසන්න වශයෙන් සමානය. සීපදය තවම නින්නාද වේ. මම නැවත ව්‍යාධව සොයන්නට පටන් ගතිමි.
                    අවසානයේදී අාධ්‍යාත්මික ගති විද්‍යාව වූ ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ඔස්සේ මහා සාස්ත්‍රඥයන් ලෙස පෙනී සිටින මාධ්‍ය සාස්තර තක්කඩියන්ව සටනට කැදවන්නට මම තීරණය කරගත්තේ බොහෝ දුර දිග සිතා බලා උවත් එවිටම සීපදයේ අවසාන පදය පමණක් එක දිගට නින්නාද නැගෙන්නට වී.

''දිය බොන ලිදේ වැටුනම අපි මක්   කරමූ..................?" 
             
                            කාලය ගැන සිතනවාටත් වඩා කිසිවක් හැදැරීම පසෙක තබා  තමුන් ගේ සීමාවට අයිතියක්  නැති නොදන්නා සීමා මායින් වලට පැමිණ සකල විද දැනුම හොරා කමින් මාධ්‍ය ලොක්කන්වද රවටා, දාර්ශනික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින තක්කඩි නඩය ගැන සිතන්නට ගොස් මානසික අාතතිය, හිස රදය දෙගුණ තෙගුණ වූ නිසාම බිම ඇන තියාගත් මා හිස පාත්කර මානසික අාතතිය අඩු කර ගැනීමට උත්සාහ කෙළමි. එහෙත් දිනෙන් දින මානසික ආතතිය ගුණෝත්තර ශ්‍රේණියක් සිහිගන්වමින් මා අඩ පන කරන්නට විය. මම දිය පොදක් බොන්නට නැගිටින්නට සිතුවා පමණි. ව්‍යාධ දේවයෝ කසිප්පු භාගයක් මා අතට දී අතුරු දහන් විය. භාගය තුනකට කඩා කොටස් දෙකක් සප්පායම් වූ මම නැවත නැගී සිටියෙමි. අදෝමයි, සීපදය තවම නින්නාද වේ.
                         මිනිසා මත් වූ විට කාලය අවකාශයට මොළයේ පවතින්නට පුංචි ඉඩක්වත් සොභාවයා ලබා දෙන්නේ නැත. රතිකෙලියටද එසේමය. ලිංගික ආදරයේද එසේ වන්නේ එයද මානසික රති කෙලියක් නිසාය. ජ්‍යෝතිෂය ක්‍රම වේදයේ අාදරයට පස් වැන්නත් විවාහයට හත් වැන්නත් ලෙස අංශක තිහක පමණ විශාලත්වයකින් ජ්‍යාමිතිකව ස්ථාන ගත කර තිබෙන්නේ සොභාවයට පිටුපා සත්‍ය මතු කර ගත නොහැකි නිසාය. ගෞතම සිද්ධාර්ථයෝ වෙනස් වීමත් වෙනස් වෙන බව දේශනා කර තිබෙන බව මා අසා කියවා තිබේ. අනිත්‍ය යනු මරණය පමනක්ම නොවන බවද සැබෑවකි. කිසිත් නැති බවේ ගුණයටත් විශාලත්වයක් තිබෙන බවද සැබෑවකි. කොටින්ම විශාලත්වයකින් තොරව අඩුම තරමින් එක් වචනයක් වත් කිසිම භාෂාවකින් සොයා ගත නොහැක. ජ්‍යෝතිෂය නොදැන කාලය ගැන කතා කිරීම වනාහී යෝනිය ගැන නොදැන ගර්භාෂය ගැන හදාරනවා වැනි ක්‍රියාවකි. ගණිතයෙන් තොරව බුද්ධ ධර්මයද අවබෝධ  කර ගැනීමට පහසු වූයේ නම් පොල්වත්තේ බුද්ධදත්ත  නාහිමියන්ට බෞද්ධ සංඛ්‍යා ශබ්ද කෝෂයක් ලියන්නට සිදුවන්නේ නැත. නූතන විද්‍යාවේ  මිත්‍යා අර්ධය වටහා ගැනීමට සඳහා මිනිසුන්ව ගණිතයෙන් සිතන්නටද පුරුදු පුහුණු කළ යුතුය. විශේෂයෙන්ම බුද්ධිමය මාධ්‍ය සන්දර්ශන වල රඟ  පෑමේ නිරතවන වැඩ සටහන් මෙහෙය වන්නන් සහ බුද්ධිමය දායකත්වය සපයන්න් ගණිතය පිළිඹද සාම්‍යාන්‍ය ලෙස හෝ යථා ඉවකින් සන්නද්ධ කළ යුතුය. නැතිනම් එවැනි වැඩ සටහන් විකට වැඩසටහන් ලෙස ගිලිහී යනු අැත.
                        සීපදය තවමත් නින්නාද වේ. කරත්ත කාරයාට පැල් රකින්නාට කාලය බොහෝ දිගු වන්නට ඇත. ජන ගායනා තුල කාලයේ දිගු බව නිසා ඇතිවන හුදකලා අවකාශයට විසදුම් තිබුණි.ශබ්දය සහ කාලයේ අන්තර් සම්බන්දයද   අවබෝධ වන්නට ව්‍යාධයෝ මා හට මං පෙත් පදා තිබේ. මමත් මගේ මිතුරෙකුත් ජන කවියේ න්‍යෂ්ටිය සොයන්නට පටන් ගත් කාලය කොහෙත්ම සුන්දර කාලයක් නොවීය. ඔහුගේ ජීවිත කාලය ලිබර්ටි ප්ලාසා බිල්ඩිම යට ගෝනියකින් හිස වැසූ බිල්ලෙකු වී අවසන් වූ බව ව්‍යාධ මට රහසින් පවසන විට මා මහ  හඩින් ඉකිගසමින් හඩන්නට විය. නමුත් මරා දැමූ ඒ මිත්‍රයා මට තවමත් මුණ ගැසේ. ඒ ජන ගී ඇසෙන විශ්වීය අවකාශයේදීය. එවිට ජන කවියේ දයලෙක්තිකය නුඹ සොයාගත්තා දැයි  ඔහු මගෙන් විමසයි. එවැනි අවස්ථාවල මම කරබාගෙන මත් පැන් සොයා යමි. එය පෞරෂයේ ගැටලුවක් බව අති පණ්ඩිතයෝ පවසති. ඒ සියල්ලන්ගේ පෞරෂය ඇත්තේ කොහිදැයි අසුව  දශකයේ භීෂනය යුගයේදී මාගේ ඇස් දෙකින්ම දැක තිබේ. ව්‍යාධයෝ මේ විත්ති මා හට  ලියන්නට බල කරන්නේ  අද ජීවත්වන නොදන්නා අයගේ දැනගැනීම සදහා බව මම දනිමි.
                            එකම සීපදය තවමත් කොහෙදෝ නින්නාද වේ. එහෙත්  එය මට කිසිසේත්ම කරදරයක් නොවේ. මට කරදරයක් වී තිබෙන්නේ මගේ අක්මාව සහ පෙනහලු පමණි. අහෝ ඒ දෙදෙනා මට සිතේ විදිහට මත් වෙන්නට ඉඩ නොදෙනේ ඇයි දැයි මම ව්‍යාධගෙන් ඇසුවෙමි. එයද කාලයේ ප්‍රශ්නයක් නොවේදැයි ව්‍යාධ මගෙන් ඇසූ සඳ මා ඉබේම සමාධි ගත වී මරණ බයද කාලයට ඇති බියම බව වටහා ගත්තේ නිරායාසයෙනි. සීපදය මට දස වද විද මරා දමන ලද මගේ ජන ගී මිතුරාග් මතකය යලි යලිත් අවධි කරන්නට විය. ඔහු තාරක යන බොරු නමින් එකල පෙනී සිටියේය. ඔහුගේ පෙම්වතිය ගුරු ගීතය සිනමාවට නගන දිනකට ප්‍රධාන නිලියට කදිම බව මා ඔහුට කීවා මතකය. එවිට තව නොබෝ දිනකින් සමාජ විප්ලවය සිදුවන බව ඔහු මට පුනා කියන්නට විය. ඔහුගේ සිහිනය තුල ගුරු ගීතයේ ලාංකීය අධ්‍යක්ෂක වරයා මා විය. ඒ සිහිනය ඔස්සේත් ඔහු මගේ මධුබීම සහ දුම් ඉරීම  නතර කිරීමට නොගත් උත්සාහයක් නැත. මම මගේ ජීවිතයටත් වඩා මධු මතට ලොල් වූවෙකු වූයෙමි. අවසානයේදී මා පක්ෂය ඇතුලට නොගන්නා බවත් එහෙත් මා අත් නොහරිනා බවත් ඔහු පැවසුවේය. එදා සිට ඔහු මා ඇමතුවේ කලකන්නි සහෝදරයා නමිනි. මේ කිසිත් නොදත් ආණ්ඩුවේ බුද්ධි අංශ මා අත්අඩංගුවට ගත් අතර වසර දෙකකට අාසන්න කාලයක් මා මරණ බයේ දිග පළල අත් විදිමින් සිගරට් සහ ලෝකල් ගසමින් කල් ගත කරන ලදී. එහෙත් ඒ කාලයේද මගේ තනි නොතනියට ව්‍යාධ දේව මගේ රෙට්ටුවේම සැතපෙන්නට පැමිනියේ කෙසේදැයි මම නොදනිමි.කෙසේ නමුත් ඒ නිමේෂයේ මා මරණයෙන් ගලවාගත්තේ මගේ මධුලෝලත්වය විසින් බව මම දනිමි. මධු යනු ආත්මීය කාල පරාසයේ තීරණාත්මක සාධකයක් බව අමධ්‍යපයන්ට නම් කෙසේවත් වටහා ගත නොහැක. එයද කාල අවකාශ ප්‍රශ්නයේම ප්‍රකාශනයක් බව පමණක් දැනට සදහන් කර තැබීම ප්‍රමාණවත්ය.
                            සීපදය දැන්නම් ඇසෙනේ ඉතා කිට්ටුවෙන්  මෙන් දැනේ. මම ඉතිරි වී තිබි මධු උගුරත් කටේ හලා ගතිමි. තාරක සහෝදරයාගේ  පෙම්වතිය මේ කාලයේ  වින්දා වූ දුක මා දැක තිබේ. දරු ප්‍රසූතියේදීවත් ගැහැණියක් එවන් දුකක් නොවිඳිනා බව හගිමි. විප්ලවයෙන් පසු ජීවත් වුව හොත් ඇය අෑත පලාතක කුඩා දරුවන් සදහා ජීවිතය කැප කරන  බව ඇය මට පැවසුවාය. ප්‍රේමයේ යථාර්තය ගැන ඔවුන් ගේ දැක්මට එකල මමද ඇලුම් කලෙමි.
                          සීපදය ලතාවකට තවමත් එක දිගට ඇසේ. නමුත් කිසියම් වෙනසක් තිබෙන බවක් නොදැනෙනවා නොවේ. එය දැන් ඇසෙන්නේ රැප් කරන ලද සංගීතයත් සමගිනි. ඩිජිටල් සංගීතයේ කරච්චලය පුරාණ සීපදයක් බැවින් කරදරයක් නොවුනා සේය. එක් කාරණයක් මට වැටහින. මා මේ හිටගෙන සිටින්නේ පිටකොවේ බෝගස යටය. ව්‍යාධයෝ නම් අරුම පුදුම පුද්ගලයෙක්ම වූහ. මා බෝධීන් වහන්සේට නමස්කාර කර මගේ ව්‍යාධ දෙවියා ඉක්මනින් හමුවේවා කියා ප්‍රාර්ථනා කලෙමි.  
                               මේ වන විට භීෂනය සැඟවී වසර තිහකටත් වඩා වැඩි කාලයක් ගතවී තිබේ. භීෂනය සැඟවී කියා මා කියන්නේ බොහෝ දුර හිතා මතා බව කවුරු කවුරුත් දැනගත යුතුය. අද තාරක සහෝදරයා ජීවත්ව සිටියා නම් ව්‍යාධ දේවගේ ඩිජිටල් සීපද රාවයට උරණ වීම අනිවාර්ය බව මම දනිමි. අනිවා කියා මා අතින් නොලිය වෙන්නේ තාරක සහෝදරයාට ගරු කිරීමට නම් නොවේ. ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසාය. මම ව්‍යාධ එන තෙක් ඔහේ  බලා සිටියෙමි. ක්‍රමයෙන් සූර්යා මුදුන් වෙන්නට විය. නැත ගැලිලියෝ ගේ සිතීමට අනුව එය එසේ විය නොහැක. මොක වුනත් මට මොකෝ කියා කෑ ගසන්නට මට හිතේ. මක් නිසාද යත් සූර්යා හෝ පොළව මොක වටේ ගියත් කාලය ගැන සිතීමට කෝණය ප්‍රමාණවත් බව මම වටහාගෙන ඇති නිසාය. සියලු විද්‍යාත්මක සොයාගැනීම් කාලය පිළිඹද ගතානුගතික කියවීම් වලට යටත්ය. ඒ නම් ‍‍‌‌‍‍ජ්‍යෝතිශ්ශාසිත්‍රය පිළිඹද   නොදැනුමයි.
                          
                           අන්තරීක්ෂ රසායන විද්‍යාව වේගයෙන් ඉදිරියට යන බව හෝ බටහිර රට වල මේ වන විට ජ්‍යෝතිෂය සහ බටහිර විද්‍යාවේ අන්තර් සම්බන්දය ඉහල මට්ටමක තිබෙන බව තවම මේ කොදව් වැසියෝ නොදන්නවා සේ පෙනේ. සැබෑවටම දන්නවා නම් මැතිවරණ කුමක් වේදැයි විමසීමට ලෝකායත ජ්‍යෝතිෂය ගැන මෙලෝ මලදානයක නොදත් හැදෑරීමක් නැති මාධ්‍ය සාස්තර තක්කඩියන්ගෙන් ප්‍රතිපල විමසීමක් සිදු කිරීමට කිසිසේත්ම කිසිවෙකුට පුලුවන් කමක් නැත. රජය සහ ආණ්ඩුවේ වෙනසවත් නොදත් තමන්ගේ පෙකනියට පහලින් ඔරලෝසු කාලමානයටත් වඩා නිවැරදි කාලමානයක් ඇති බව පමණක් නොව රංගන කාර්යේ වටිනාකමද හරි හැටි තේරුම් නොගත් දේශපාලනය පිලිඹදව අවභෝධයක් නැති අඩනිරුවත් ලලනාවියන්ට ජ්‍යෝති  උපදෙස් දීමට සැබෑ සාස්ත්‍රඥයෝ කිසිදා ඉදිරිපත් නොවන බව කවුරු කවුරුත් වටහා ගත යුතුය. මෝඩ බාලයාට තැනක් නොතැනක් නැත. දිගක් පලලක් නැත. සඳ  මත මිනිසා පා තබන අවස්ථාවේදී ප්‍රවීනයන් සේ පෙනී සිටින කපටි සාස්තර කාරයෝ අනාවැකි කියන්නට පටන් ගත්හ.  චන්ද්‍ර කේන්ද්‍රීය ක්‍රමයට හෝ සූර්ය කේන්ද්‍රීය ක්‍රමයට සඳ  මත සිට කාලය තීරණය කරන්නේ කෙසේද? එවිට චන්ද්‍රයාට පොහොය ලබන්නේ කුමන ග්‍රහයෙක් පදනම් කරගෙනද? 
              මෙවැනි විකාර කාරණා පළිඹදව තක්කඩි සාස්තර කාරයෝ වග නොකියන බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ. මේ තත්වය තක්කඩි මාධ්‍ය වේදීන්ටත් මරේ මරුය. නූතන පරිභෝජන සමාජයක ගොනාට ඇන්දවීම සහ ඇද ගැනීමත්, ප්‍රචන්ඩත්වයත් කරලියට පමිණීම අනිවාර්ය සිදුවීමකි. මාධ්‍ය භාවිතයේදී සිදුවන්නේද රටේ පවතින මෙම ක්‍රියාවලියේම ප්‍රකාශනයක් විනා අන් දෙයක් නොවේ. අන්දයෝ අදුරට කැමැත්තක් හෝ අකමැත්තක් නැත. මාධ්‍ය පාරිභෝගිකයන් මේ මොහොතේ අන්ද වී සිටිනවා සේය. මාධ්‍ය ඉදිරි පිට අපහාසයට පත් වූවත් සාස්තර තක්කඩියන් නම් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමට අධික කැමැක්තක් දක්වයි. ඒ මක් නිසාද යන්න ලියා තැබීම මෙවන් ලිපියකට තරම් නොවේ.
                      
                  කවුදෝ විත් මගේ පිටට තට්ටු කලේය. මගේ දැහැන බිදිනි. මේ නම් ව්‍යාධ දේව විය යුතුය. මම හැරී බලුවෙමි. පුදුමයෙකි.මහත්තයා සාස්තරයක් බලනවාද අසමින් සාස්තර කියන ගැහැණියක් බිම බලාගෙන සිටී. මම අත් දෙකම දිගු කලෙමි. ඕ මලක නමක් සිතාගන්නා ලෙස මගෙන් ඉල්ලීමක් කළාය. මම  සිතා ගත්තෙමි. මම සිතාගත් මල් වර්ගය අැය දස වතාවක් පමන කියන්නට තැත් කළාය. අවසානයේ මොකක්ද මාත්තියා ඉතපු මෙල යයි මගෙන් ඇසුවාය. මා සිතාගත් මල කෙහෙල් මල බව මම ඇයට පැවසුවෙමි. කෙහෙල් මලත් මලක්ද අසමින්  මට නියවමින් කාරා කෙල ගසා මා නොදන්නා මලයාලම් භාෂාවෙන් බැන වදිමින් ඇය යන්නට ගියාය. අද දින මගේ චන්ද්‍රයා සිටින භාවය ගැන සිතමින් මම අෑත බැලුවෙමි. මා දන්නා අදුනන තරුණියක් තරණයෙකුගේ කරේ එල්ලී ඉදිරියට එන අයුරු මම දුටිමි. එහෙත්  ඒ කවුද කියා මට නිච්චියක් නැත. ක්‍රමයෙන් මගේ මතකය අවධි විය. ඒ අර මරා පුලුස්සා දමන ලද තාරක සහෝයාගේ අවංක විප්ලව වාදී  පෙම්වතියයි. ඒ අැය බව විශ්වාශ කිරීමට නොහැකි නිසා මම තව තවත් විපරම් කලෙමි. ඇගේ වම් අල්ලේ සුලැගිලි දෙකක් තිබේ. සියල්ල නිවැරදිය. මම එකල ඇගේ ආදර නාමය වූ  "අල්තීනා" කියමින් ඉදිරියට පැන්නෙමි. ඇය මා හදුනා ගත්තාය. ඉක්බිති රවා බලා බදාගෙන සිටි තරුනයා අමතා ''පිස්සෙක්" කියමින් පස්සට පැන්නාය. තරුණයාගේ අත මිට මෙලවෙනවා දුටු මා පන්සල තුලට පැන ගත්තෙමි. ඔවුන් දෙපල පාර පැන පානදුර බසයකට ගොඩ වෙනවා මම පන්සලේ කවුලුවෙන් බලා සිටියෙමි. මගේ හිස කරකැවෙන්නට විය. කොටින්ම මුලු පිටකොටුවම මා වටා කරකැවෙන්නට වී. මගේ දෙපා පැටලෙන තත්ත්වයක් ඇතිවිය. මම වහ වහා ඉදිරියට ගමන් කෙරුවෙමි. ඒ නිමේශය ලාංකේය සමාජයේ මිනිස්සම්බන්ධතා ගිලිහෙන්නට පටන් ගත් මොහොත බව පසු කාලයක මම අවබෝධ කර ගත්තෙමි. වේගයෙන් ගමන් කළ මා කොටුව දුම්රිය පොල ඉදිරි පිට අවන් හල තුලට ඉබේම යැවුනි. මගේ නාසය අවන් හල තුල ඇති මිහිරි මත් පැන් සුවද මට හොරා හදුනා ගන්නට ඇත. මම එහි කාඹරයට ඇතුලු වීමට පෙර දොර අස්සෙන් එබී බැලුවෙමි. මම පස් වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි. කාලයක් අතුරුදහන්ව සිටි මගේ ව්‍යාධදේවයෝ  එහි වැඩ සිටියෝය. මා වටා කරකැවෙමින් තිබි නගරය වහා නිසල විය. මට ක්ෂණිකයෙන් පියවි සිහිය ලැබුණි. මම උගුඩුවෙකු සේ මත් වතුර බොන්නට පටන් ගත්තෙමි. ව්‍යාධදේවයෝ එක මත් වතුර උගුරක්වත් මට පේන්නට පානය නොකළහ. මම ඇති පදන් ඔහුට බැන වැදුනෙමි. මගේ හිස තුල පැලපදියම් වී තිබි සිනමා ලෝකයේ ගැඹුරු සංකල්ප රූප රාමු සියල්ල ඒ සහෝදරීගේ පිස්සා වචනය මත සැගවෙන්නට ඇත. 
                        කාලයක් මා හැර ගොස් සිටි ව්‍යාධ මේ අවන් හලට පාත් වූයේ කෙසේදැයි මා හිතන්නට වූ කල  මට කාලය මහා වදයක් සේ තවදුරටත් දැනෙන්නට වී. කාලය වදයක් වන සෑම විටම සුරාව ඒ තුල බලය තහවුරු කරගැනීම සොභාවයයි. සුරාවේ සහ ලිංගික ආදරයේද‌ භාවනාවේද තිබෙන ඒකත්වය ගැන මට පුදුමයක් දැනෙන්නට වී. එහෙත් සුරාව, ආදරය, භාවනාව මේ නිමේශයේ සතුරු වෙස් ගෙන ඇත්තේ කුමන කාරනා පදනම් කරගෙනද යන්න මම ව්‍යාධගෙන් විමසුවෙමි. ඒ දේශපාලනයේ කුහක කම බව ව්‍යාධයෝ කරුණු සහිතව මට පැහැදිලි කරන්නට වූහ. දැන් නම් සීපදය  ඇසෙන්නේ මගේ හිස තුලින්ම බව මට දැනුනි.
              මම ජනේලයෙන්  අහස බැලුවෙමි. හිර මුදුන් වී තිබේ. එහෙත්  චන්ද්‍රයාද පසෙකින් පෙනේ. සුර්යා මත ගොඩ නාගා ඇති සංස්කෘතික විශ්වය කොදෙව් වැසියන්ට සම්පූරණයෙන්ම ආගන්තුක නොවේදැයි මම ව්‍යාධගෙන් විමසුවෙමි. පිළිතුරක් වෙනුවට ඔහු මත් පැන් උගුරක් පානය කර දෑස් පියා ගත්තේය. මම සිරගත කර සිටින විට අපේ රට පීතෘ භූමියක් ලෙස ඔහේලාගේ මාක්ස් වාදී නායකයා පවසන්නේ ඇයි දැයි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කලෙමි. ලංකාවේ මුල් යුගයේ සමාජය මාතෘ මූලික නොවන බවත්, පීතෘ මූලික බවත් එහෙයින් න්‍යායිකව ගත් කළ අප රට පීතෘ භූමියක් බවත් ඔවුහු පැවසූහ. එහෙත් උපාය මාර්ගිකව ඔවුන් ප්‍රචාරක කටයුතු සදහා මාතෘ භූමියක් ලෙස සලකන බව මට වැටහින. මේවා මේ ආකාරයෙන් සරලව  සැලකීම සම්බන්ධව මම විරුද්ධ තරක ඉදිරි පත් කිරීමේදී ඔව්හු මට බුද්ධි වාදියා කියා කොලාප්පන් කරන්නට වූහ. මා නම් අනාගතයේ භීෂණයක් ඇති වන වග දැන ගත්තේ ඒ දින වලදී බව ව්‍යාධට පවසන විට ඔහු කොක් හඩ ලා සිනාසෙන්නට වී. කාලය සම්බන්ධ සියලු නියාම සූර්යා මත නොන්ඩි ගසන්නේයයි කියමින් ව්‍යාධ තවත් මත් වතුර වීදුරුවක් හිස් කර දමා බඩ අල්ලන් සිනා සෙන අයුරු මම උපේක්ෂාවෙන් බලා සිටියෙමි. ඔරලෝසු කාලයට ඇත්තේ එක් මානයක් පමණි. ඒ සූර්යාගේ චලිත මානයයි. ‌‍ජ්‍යෝතිෂය ක්‍රම වේදයට සරලව ගත් කල කාල මාන නවයක් තිබේ. ගැඹුරින් ගත් කල තව බොහෝ කාල මානයන්  ගණනය කිරීමට ක්‍රමවේද බොහෝ තිබේ. අසූ නව සිත් ලෙස සිත  වර්ග කර එහි ආධ්‍යාත්මික චලිතය විස්තර කිරීමට සූර්ය කාලය පමනක් ප්‍රමානවත් නොවන බව ස්වභාවයෙන්ම හදාරා විවිධ ක්‍රමවේද ඔස්සේ මිනිස් අත්දැකීම් න්‍යාය ගත කරගත් මිනිසා අවිඤ්ඤාණයට විද්‍යාත්මක ප්‍රවේශයකින් ආසන්න වීමට තැත් කිරීම පසුගාමී චින්තනය හමුවේ අවිද්‍යාවක් වීම නොවැලැක්විය හැකි දෙයක් බව අපි දනිමු. අවිඤ්ඤාණය යනු අනාගතයේ ප්‍රකාශනයකි. මිනිසා මෙය ජය ගැනීමේ උත්සාහයේ ආරම්භය මිනිසා බිහිවීමේ ආරම්භය කරා දිව යයි. 
                           ආදි මිනිසා කඳු  උඩ, ගල් පර්වත උඩ සිය ආධ්‍යාත්මය අවධි කර ගැනීමට  මුල් පියවර තබන ලදී. කදු උඩ ගල් උඩ දිවි ගෙවීමට හේතු භූත වූ කරනා වෙනම කතාකළ යුතු දෙයකි. වංස කතා කරුවන් ගේ කියවීම් නැවත කියවීමකින් පසු එසේ කළ යුතුව තිබේ. සතුන්ගෙන්, ගින්නෙන්, සතුරන් ගෙන්, ජලයෙන් ආරක්ෂා වීමට මිනිසාට උස් ස්ථාන බොහෝ  ප්‍රයෝජනවත් බව අදටද සැබෑවකි. මිනිස් ආධ්‍යාත්මයේ අවිඤ්ඤාණයට අත්‍යාවශ්‍යය සාධකයක් ලෙස සූර්යා චන්ද්‍රයා ප්‍රමුක ග්‍රහ වස්තූන් තමන් ගේ ජීවිතයට ස්වභාවයෙන්ම බදිධ වී තිබේ. මිනිසා බුද්ධියෙන් දියුනු තත්ත්වයට පත් වෙන විට බොහෝ දේවල් දිනා ගත් බව සැබෑවකි. එහෙත් ව්‍යාධ දෙස බලන කළ මිනිසා බුද්ධියෙන් උසස් වන  විට බොහෝ වටිනා දේවල් අහිමි කරගෙන ඇති බවද සදහන් කළ යුතුය. කාලගුණය පිළිඹද පමණක් නොව අනාගතය පිළිඹද ඉව තිරිසන් සතුන්ට නම් තවමත් ඉතිරි වී තිබේ. මිනිසාටද මුල් අවධිවල එම තත්ත්වය විශාල වශයෙන් තිබි නමුත් අද වන විට එම කලින් යමක් දැකිය හැකි මිනිසාගේ ඤාණය පිළිඹද අදහස ඊනියා යාන්ත්‍රික හෞතික වාදීන් විසින් මිත්‍යා මතයක් ලෙස වර්ග කර  ඔවුන් මහා බුද්ධිමතුන් මෙන් පෙනී සිටී. මමද ව්‍යාධ හමුවීමට පෙර එවැනි මතවාද වලට දිගට හරහට පහර දුන් අයෙක් වෙමි. මම මේ ගැටලුව පිළිඹද විමසීමට ව්‍යාධ දෙස බැලු වෙමි. උන් වහන්සේ මධු මතින් ධ්‍යානයකට සම වැදී සිටිත්. උන් වහන්සේ ක්ෂණිකව නෙත් හැර මා හට නියවමින් මට අාවේශ වූවා සේය. 
                            කාලය විනිවිදින්නේ නැතිව යමෙකු සිතන සියලු දර්ශන, ධර්ම කලක් යන විට විකාරයක් බවටම පත් වෙයි. සියලු සිද්ධාන්ත න්‍යායන් ගොඩ නගා ඇත්තේ සූර්ය කාලය  මුදුනා කර ගෙනය. මිනිසා අභ්‍යාවකාශයේ සැරි සරන්නේද සූර්ය කේන්ද්‍රීය කාලයට සාපේක්ෂ ප්‍රවේගය නැමති මුක්කුව ගසාගෙනය.  එහෙත් අභ්‍යාවකාශයේදී ඒක මාන කාලය මත ගොඩනගා ගත් සියලු සංකල්ප බල රහිත බවට පත් වේ. මෑතකදී නිර්මාණය වූ "ග්‍රැවිටි"  නැමති බටහිර සිනමා පටය නැරඹීමෙන්ද මේ තත්ත්වය තරමක් දුරට වටහාගත හැකිය. සියලු විද්‍යා ප්‍රබන්ධ කරුවෝ මහා යානය, තන්ත්‍ර යානය පිස්සුවෙන් මෙන් සොයන්නට ගෙන ඇති බව ව්‍යාධයෝ මට පවසන්නේ අපහසයක් ලෙස බව මම දනිමි. ඉක්බිති ව්‍යාධදේවයෝ මගෙන් මෙසේ විචාරන්නට වී

"මහා යානයට පෑයූ සූර්යන් සිව්දෙනා සේ සලකන සංඝයා වහන්සේලා සිව් දෙනාගෙන් එක් අයෙකු වූ අරිය දේව හිමියෝ මේ කොදෙව් වාසියෙක් බව තොප දන්නෙහිද?'' 

''සියලු බෞද්ධ යානයන්ගේ පදනම ඇත්තේ තොප විසින් හරි හැටි හදාරන්නේ නැති  ත්‍රීපිටකයේම බව තොප දන්නෙහිද?"

"ලග්ගල යනු ඉලක්කගල යන්නම බවත් මේ කොදෙව්වේ හරි මැද වූ එහි නාලන්දා ගෙඩිගේ ගොඩ නගා ඇති බවත් හරියටම එය ඉලක්ක කර සූර්ය දිව්‍යය රාජයා ගමන් කරන බවත් බටහිරුන් එය හැදෑරීමෙන් පසු ග්‍රිනිච් කාල අපගමනයන යලි සංශෝධනයට ලක් කළ බවත් මේ වනවිටත් එහි සැබෑ තත්වය සගවා ඇතැම් ඊනියා විද්වතුන් ලෙස පෙනී සිටින්නෝ  කටයුතු කරන බවත් තොප දන්නෙහිද.''

''ප්‍රාග් බෞද්ධ යුගයේ කාලය පිළිඹද බොහෝ මතවාද ලියවී ඇති බවත්, ඒවා හැදෑරූ විද්වතුන් අද පවා ජීවත් වන බවත්, ඔවුන් පසෙකට වී නිශ්ශබ්දව කාලය පටලවා ගත් ඊනියා බුද්ධි වාදීන් දෙස උපේක්ෂාවෙන් බලා සිටින බව තොප දන්නෙහිද?"


''‍අභයගිරි සංස්කෘතික අවකාශය තුල කාලය පිළිඹද කියවීම් වලට තොප මහා ලොකුවට හිස මත තබා ගෙන සිටින කාලය සහ අවකාශය පිළිඹද මහා කියවීම් අන්ත අසරණ බව තොප දන්නෙහිද?''


''සිද්ධාර්ථයෝ විසින් අතික්ක්‍රමනය කල මහා වීරලා පවා වටහාගෙන සිටි ඉතිහාසය යනු ක්‍රියාවක් ඉදිරියට තල්ලු කිරීම බවත් අනාගතයේ සිරිත ඕනෑම ක්‍රියාවක් තමා දෙසට ඇදගැනීම බවත් ඒ තත්ත්වයන්ට හිරවී සිටින වර්තමානය ගැන තන්ත්‍රයානය උඩින් පල්ලෙන් කියවා විකාර කියමින් සමහර අහිංසක බටහිර සංකල්ප පවා බාල්දු කරමින් සවභාව විද්‍යාව පටලවාගෙන මිත්‍යා මත පතුරවන්නේ දැනුම සහ නොදැනුම තුල දේශපාලන අවුලක් නොව රත් පිත් උන්මාද තත්ත්වයේ ප්‍රකාශනයක් බව තොප දන්නෙහිද?
                  
                           එන  පොට හොද නැති බව මට වැටහින. ව්‍යාධගේ කටද එතරම් හොද නැත. මේ ප්‍රකාශ වැඩිදුර ගියහොත් බොහෝ දෙනෙකුගේ බඩේ පහර වැදීමටද ඉඩ ඇත. නැතිනම් මට පිස්සු වැටීමටද බැරි කමක් නැත. දැනටද ඔලුව කැරකෙන්නට පටන් ගෙන තිබේ. මේවා ගැන භාගෙට හදාරා පාලු ගෙවල් තුල වළං බිදින්නේ සමාජ තත්ත්වයක් ගොඩ නගා ගෙන සුර සැප විද ඉතිහාසයට විද්වතෙක් ලෙස එක් වී කොළඹ කනත්තේ මිහිදන් වෙන්නට සිහින දකින අහිංසකයන්ය. තන්ත්‍රයානය කියවා ඒ බව සඟවා කාල අවකාශ තත්ත්වයන් සාපේක්ෂක නියමයන්ට පටලවා නිර්මාන සාහිත්‍ය කටයුතු වල නියැලුන මහා විද්වතුන් සමග  ව්‍යාධයෝද ඇති පදම් මධු පානය කර තරක විතර්ක කළ අයෙකු බව මම දනිමි. එසේ නම් ඔවුන්ගේ වංදිබට්ටයන් යනු ව්‍යාධදේවට කුරුපුංචන් පමණි. ව්‍යාධ යනු ඉතිහාසය සේ දකින තලුලු කිරීමේ සිවභාවයේ ප්‍රාග් බෞද්ධ දෙවියෙකු බව මම විශ්වාස කරමි. එසේනම් වරතමානයේ ආධ්‍යාත්මයේ සලු පිලි වලට යට ඉන්නේ ඔහුමය. ආනයනය කළ අතීත කාමය යනු ව්‍යාධගේ හෙවනැල්ල මිස කාබනික ශරීරය විය නොහැකිය. එහෙයින්ම උන් වහන්සේ අනාගතය නැමැත් අදින්නාගේද හෘද ශාක්ෂියේ ජීවමාන අවතාරයයි. මම උන් වහන්සේට බිය වෙමි. එහෙයින්ම සංකල්ප සමග හැංගි මුත්තන් කිරීමට උන් වහන්සේගෙන් මට අවසර නැත. උන් වහන්සේට දුර්වල කම් දෙකක් තිබේ. එකක් නම් පවතින මොහොතේ දාරශනික පරිනාමයේ කුනු කන්දල් රැස් කර තබා ගැනීමේ අශාවයි. අනික නම් එහෙන් මෙහෙන් තට්ටු දාන්නට ගොස් මානසික ආතතිය මතු වුවහොත් කට මෙන්ම ලීවීමටද ලැජ්ජා නැති කමයි. උන්වහන්සේ ලජ්ජා නහරය විසංදිකරගත් අයෙකි. එහෙත් නිවැරදි දේ මෝඩයෙකුගෙන් උවත් දරුවෙකු සේ හැදෑරීම  උන්වහන්සේ්ගේ සිරිතයි. ලිවීමට තිත තබා සිටි මට මා විශ්වාස කර සිටි අලුත් පරපුර සැබෑව ලියනවා වෙනුවට  කොල මැල්ලුම් ලියන්නට දේශපාලන කුබ්බෑයම් වල  පොරකන අයුරු මම දුටුවෙමි. මට කලින් මේ තත්ත්වය ව්‍යාධ දැක මට නියවන්නට වන.
                       ව්‍යාධ නැවතත් සීපදයක් ගයන්නට සැරසේ.එහෙත් තවම පැහැදිලිව ඇසෙනේ නැත. අපේ මහ පොළවට සූර්යාට වඩා චන්දුයා එක් පසකින් බොහෝ වැදගත් බව දැනේ. කොටින්ම පරිසරයටත් ස්ත්‍රියටත් මිනිස් ආධ්‍යාත්මටත් චන්ද්‍රයා කොදේසි විරහිතව බලවත් බව සදහන් කල යුතුය. මුලු මහත් කෘෂිකර්මාන්තයම චන්ද්‍රයාගේ ගමන මත තේරුම් ගත හැකිය. චන්ද්‍ර කේන්ද්‍රීය කාලය මර්ධනය කරමින් සූර්ය කේන්ද්‍රීය කාලය රජ වන්නේ බලය සම්බන්ධ අරගලයක අතුරු ප්‍රතිපලයක් වශයෙනි. ස්ත්‍රී ප්‍රජනන පද්ධතියට සෘජුවම චන්ද්‍රයා සම්බන්ධය. ඔසප් වූ දින සිට චන්ද්‍රයා වටයක් චලිත වූ විට නැවත තමා ඔසප් වන බව එදා ස්ත්‍රීන් අත් දකීමෙන්ම දැන සිටියාය. මුලු පරිසර පද්ධතියම ඊට සමගාමීව චලිත වීම ස්වභාවයේ නියමයම වේ. කාල මානයක් වූ ස්ත්‍රී යෝනිය එදා ඍතු මාර්ගය ලෙස හැදින්වීය. පසුව සෘතු මග උතුමග හුතු මග ඔස්සේ හුත්ත බවට නාමකරනය වූ අකාරය මනරම් භාෂා චාරිකාවක් බවද සදහන් කළ යුතුය. අනාගත වගකීම සම්පූර්ණයෙන්ම දරා සිටින දරු මගට භාවිත කරන වදන් පවා කුනුහරුප වී අශිෂ්ඨ බවට පත් වන්නේ පුරුෂ මූලික දේශපාලන විශ්වය බලය තහවුරු කරගත්  පසුවය. ඒ මා අවෙබා්ධ කරගත් දේවල් සියල්ල ඉදිරියේදී ඔබ සමග බෙදා ගැනීමට මම බලාපොරොත්තු වෙමි.
                          පරිසරය සහ චන්ද්‍ර කේන්ද්‍රීය කාලය පරමාර්ථ සත්‍යය මත තබා අවබෝධ කරගත යුතුය. යක් යන්න වෙනුවට දෙව් යන්න යොදන්නට අපේ මුත්තන්ට සිදුවූයේ කවර කාලයකද එම කාලයේදීම චන්ද්‍ර කේන්ද්‍රීය කාලය මර්ධනය වන්නට ඇත. ව්‍යාධ යක් ව්‍යාධ දේව වන්නට ඇත. මියුගුණ සෑය, සමනල කන්ද, කැලනිය, කතරගම, දෙවිනුවර යන තැන් වලින් අපේ ආදි වැසියෝ එදා කරබාගන ඉවත් නොවන්නට ඇත. අපේ අදි වැසියෝ කල් යල් බලා බුදුන්වද තම ආගමට හරවා නොගත්තානම් වින කැපීමට බුදුනුවන් සම්බන්ධ වන්නට කිසිසේත්ම පුලුවන් කමක් නැත. දැඩිමුණ්ඩ යකා උපුල්වන් දෙවියන් බවට පත් කරගැනීමත් ඉන්ද නොනැවතී උපුල්වන් දෙවියන්ව විෂ්ණු දෙවියන් හා එකට පාස්සා ගැනීමත් කුහක දේශපාලන කුමන්ත්‍රණයක් නොවේදැයි මම ව්‍යාධගෙන් ප්‍රශ්න කලෙමි. කුහකත්වය යනු අද ඊයේ ඇති වූවක් නොවේ යයි පවසමින් ව්‍යාධයෝ මා අතට රණ පොරවක් දී අතුරු දහන් වූහ. රණ පොරව යනු ප්‍රාග් ඓතිහාසික යයි කියන යුගයේ ගල් නියන හෙවත් හෙන ගුලියේම විකාශනයකි. රණ පොරව ගල් කටස් එක වීම දක්වා  වූ කාලයේ දේශපාලනය නොදැන ලෝකායත ජ්‍යෝතිෂයෙන් නූතන අවධියේ දේශපාලන අවකාශය පිලිඹදව අනාවැකි කියන්නට යන්නේ සාසත්‍රඥයන් නොව හොර සාස්තර තක්කඩියන්ය. ජ්‍යෝතිෂය යනු කාලය පිළිඹද සිතීමේ විද්‍යාවක් බවජ්‍යෝතිෂය හදාරන්නන්  සහ යාන්ත්‍රික ෙභෟතික වාදීන්ද දැන්වත් දැනගත යුතුය. එය පැරණි මලගිය විෂයක් නොව ජීවමාන විෂයකි. කාලය තුලින් සිතීමේදී අතීතයේ සිට විකාශනය වන දේශපාලන සමාජ චලනයන්ද  සිතීම සමග බද්ධ  වී ස්වභාවයට අනුරෑපව කදිමට  අනාවැකි  නිර්මාණය වේ. ඒතුල ජීවත් වීම ආවේශය වන අතර මේ කටයුත්තේදී ඒ නියමයන්  තුලම ජීවත්  වීම දිෂ්ටිය ලෙසද  සරලව වටහා ගත  හැක. මේ වචන පවා අද භාවිතයෙන් දුරස් වී ඇත්තේ සැබෑවටම එදා මේ කොදෙව්වේ සිවිල් සමාජය සංවර්ධානාත්මකව නිර්මාණය වීමට කොන්දේසි නොතිබූ නිසාය. මම වට පිට විපරම් කෙරුවෙමි. ව්‍යාධදේව නැවත අතුරු දහන් වී ඇත. එහෙත් ඈතින් ව්‍යාධයන්ගේ හිනා හඬ යටින් දැඩිමුන්ඩ උපතේ සීපදයක්  රාව නැගෙන්නට වී .

අසන්ඩ නන්දන සුරතල් කීව           එකෙන්දී
වවන්ඩ සුන්දර එසුගත් සස්න             වරන්දී 
දරන්ඩ මුද්දර දිලිනිල් වේවැල්          බොන්දී 
යකුන්ඩ  ගින්දර සෙනරත්           අදිකාරන්දී         

                                      MARAYA 



Friday, May 22, 2015

 

               

     හු මා පසු පස එයි. සමහර විට මම ඔහු පසු පස යමි. වරෙක මගේ අතින් අල්ලාගෙන මා සමග ගමන් කරන ඔහු තවත් වරෙක මගේ කර වටා අතක් දමා ගෙන තොදොල් වෙමින් ගමන් කරයි. මට වෙහෙස බව දැන ගත් වහාම ඔහු මගේ කරමතට පැන දෑතින්ම මගේ හිස බදා ගනී. එහෙත් ඒ කවුද යයි මට ඔබට තේරුම් කර දිය නොහැක. එසේ තේරුම් කරන්නට යාමද මා ඔබව අවමානයට ලක් කිරීමකි. පාඨකයා ලේඛකයාගේ වහල් බවින් මිදීමට කාලය එළැඹ බොහෝ කලක්  ගත වී තිබේ. පීඩිතයාව පීඩකයාගේ වහල් බවින් මුදවා ගැනීමට අරගල කළ යුතු ආකාරය ගැන ලියවී ඇති ලේඛණ තුලත් අති දැවැන්ත පීඩකයෙක් සැගවී සිටී. මේ තත්ත්වය සැබෑවටම බේදවාචකයකි. ලේඛකයා පාඨකයාව සිය චිංතනයේ බලයෙන් මුදා ගත යුතු  කාලය එළැඹ තිබේ. කොටින්ම පාඨකයා ලේඛකයාගේ වහලෙක් නොවිය යුතුය.බලය සම්බන්දව සලකන විට කෘෘර අධිරාජ්‍ය  පාලකයන්ටත් වඩා ඉදිරියෙන් ලේඛකයෝ සිටිති. එහෙත් බුද්ධිමය මට සිලිටි වචන කලමනාකරණය කරමින්   ඔව්හු ඒ බව සගවා ගනිත්. එහෙයින්ම මම නොදන්නා මේ අමුත්තාව හදුනා ගැනීමට  මම ඔබට නිදහස දීමට සිතුවෙමි. සැබෑවටම එය මගේ යුතු  කමකි. එහෙත් මේ අමුත්තා මම සිතින් නිර්මාණය කරගත් මගේම ප්‍රතිරූපයක් නොවන බව මම තදින්ම ඔබට දන්නා සිටිමි. කාරණා එසේ නම් මේ අමුත්තා කවුරුන් විය හැකිද?                             ඒකාන්තයෙන්ම ඔහු මනුෂ්‍යයෙක්ද නොවේ. මනුෂ්‍යයකු නොවන්නේත් නොවේ. අමනුෂ්‍යයෙක්ද නොවේ. අමනුෂ්‍යයෙකු නොවන්නේද නොවේ. දුගියෙක් හෝ පාදඩයෙක්ද නොවේ. එහෙත් ඒ බව ස්තීරවම කියන්නට මට අයිතියක්ද නැත. ඔහු අවලස්සන මිනිසෙකුද නොවේ. කියන්නට තරම් ලස්සනක්ද නැත. සුන්දර මධුලෝලියෙකු නමුත් බේබද්දෙකු ලෙස වර්ග කිරීමට හැකියාවක්ද නැත. ගෞතම සිද්ධාර්ථයන් පිළිඹද ඔහුගේ දැනුම බුදුමාකාරය. එහෙයින්ම බුදුන් යනු ඔහුට තවත් එක් මනුෂ්‍යයෙකු පමණි. එහෙත් බුදුන් ඉදිරියේ හතර ගාතයෙන් වැඳ  වැටෙන ඔහු පන්සලකට යාමටද කැමති නැත. එසේනම් මල් පහන් පුද පූජා ගැන කතා කර පලක් අැත්තේම නැත. එහෙයින්  කෙසේවත් ඔහු බෞද්ධයෙකු ලෙස වර්ග කරගත නොහැක.තවත් විශේෂයක් වන්නේ ඔහුට ජාතියක්  ජන්මයක් නොමැති කමය.ඔහුගේ ලිංග බේදය පවා මට නම් අවිනිශ්චිතය. එහෙත් හැඩි දැඩි පිරිමියෙකුගේ ලක්ෂණ ඔහු සතුව පවතී. සිංහල භාෂාව මනා ලෙස හසුරවන නමුත් කිසිසේත්ම ඔහු සිංහලයෙකු ලෙස වර්ග කිරීමටද නොහැක. සැබෑවටම ඔහු වනාහී ගුප්ත සත්වයෙකි. රටක්, ජාතියක්,  ආගමක් වර්ගයක්, කුලයක් ගැන සිතා ගැනීමටවත් නොහැකි මොහු ඉතා ඉහලින් දෙවියන්ගේ පිහිට විශ්වාස කරයි. එහෙත් ඒ කුමන දෙවියෙක්ද යන්න මට නම් උභතෝකෝටික  ගැටළුවක් බවද ඔබ දැනගත හුතුය.
                     මා කෙටි කථාවක් හෝ නවකථාවක් හෝ කුමන හෝ නිර්මාණයක් ලියන්නට යනවා යන හැඟීමක් ඔබට පහල වූයේ නම් එයද මහත් මුලාවක් බව සදහන් කළ යුතුය. මා මේ කියන මිනිසා ෙභෟතිකව මා ඉදිරියේ පෙනී සිටින මිනිසෙකි. ඔබද හදුනන ඔබ ලගද ගැවසෙන කාබනික සත්වයෙකි. වරක් මම ඔහුව තේරුම් ගැනීමට ඔහු අදහන දේවතාවා සම්බන්ද විශ්වාසය විමසන්නට තීරණය කලෙමි. ඔහු අදහන දේවතාවා ව්‍යාධ දේව බව ඔහු කිසිදු පැකිලීමකින් තොරව මට පැවසුවේ මහා ගාම්භීර තත්ත්වයක් මවා ගනිමිණි. ප්‍රාග්  බෞද්ධ ලංකාවේ දඩයම් කරුවන්ට සහ ව්‍යාධි වලට අධිපති  ව්‍යාධ දේවයන්ව අදහන මට හමුවූ එකම මිනිසා සැබෑවටම ඔහු  පමණි. ව්‍යාධ දේව වනාහි දඩයම් කරුවන්ගේ දේවතාවා නොව නිෂ්පාදනයන්ගේ දේවතාවා බව ඔහු පවසයි. සමාජ කොදේසි මත විවිධ අකාරයට වේශ නිරූපණය වී දේවතා හමුදාවක් බවට පත් වී අැත්තේ ව්‍යාධදේවම බව ඔහුගේ අදහසයි. එසේම එය මගේද අදහස බවද පැවසිය යුතුය. ව්‍යාධදේවගේ දෑත් මත තැවරී තිබුෙණ් දඩයම් රුධිරය නොව නිෂ්පාදන බලමහිමයේ දහදිය බවද ඔහු පවසයි.  
                    බෞද්ධාගමනයෙන් පසු අපේ කොදෙවේ සියලු දෙවි වරුන් බුදුන්ට යටත් කර දේව ගණයේ සංස්ථිතිය ගොඩ නගා ගෙන ඇත්තේ දෙවියෝ බුදුන් මෙන් කෙලෙස් නොනැසූ පිරිසක් නිසා බව ඔහු මට අවබෝධ වන්නට ඉඩ දුන්නේය. එහෙත් ප්‍රාග් බෞද්ධ ව්‍යාධදේවට කෙලෙස් යන සංකල්පය ආගන්තුක බව ඔහු සදහන් කරන්නේ කට කොනකින් දත් විලිස්සා මද සිනාවක් ද පාමිණි. දේව ගණයේ සංථිතියේ පහලින් ව්‍යාධදේවලාව තැබීම පිළිඹද යම් සංශය අදහස් මා සිත තුල වැඩෙන්නට වී.
                         සමාජ විද්‍යාව යනු සමාජ බලයේම ප්‍රකාශණයකි. කළ යුත්ත බලය විසින් අකුරටම ඉටු කර  තිබේ. ව්‍යාධ දේවලා, පශ්චිම රාජිනීලා, ස්වර්ණමාලිලා යන ස්වදේශික දේව ගණයාව නොසලකා හැරියා සේය.  ඒ නම් එදා ඒ මොහොෙත් දේශපාලනයයි. ඒ නිමේශය  වංශ කථා වල පාරම් බාන තරම් සුන්දර විය නොහැක. මම මගේ නොදන්නා  ගමන්   සගයාගෙන් එ් බව තේරුම් ගතිමි.
                            කාලයක් සැගවීසිටි ඔහු දැන් නැවත මා සමග එහේ  මෙහේ යාමට පටන් ගෙන තිබේ. මගේ ජීවිතයේ වැඩිම කලක් මා ලගින්ම සිටි මිනිසා  ව්‍යාධය. එහෙත් අවාසනාව නම්  මට ඔහුව අවබෝධ කර ගැනීමට ප්‍රඥාවක් නැති වීමය. සමහර විට ඔහුටද මා පිළිඹද  අැත්තේ එවැනිම හැගීමක් වීමටද පුලුවන. එහෙත් මම නිතරම ඔහුව අවබෝධ කර ගැනීමට උත්සාහ කළමි. භව ගණනකට පෙර මා ඔහුව හදුනාගන්නට ගත් උත්සාහය තුල බුදුන් වහන්දස්වද මට හමුවන්නට ඇත. ඉක්බිති කාල් මාක්ස්ලා හදුනා ගන්නට ලැබුනේ ඒ හිදැස තුල වීමට පුලුවන. කෙසේ හෝ  මට නම් තවමත් ඔහුව හදුනා ගන්නට නොහැකි  වී තිබේ. මාර්ටින් වික්‍රමසිංහගේ කලුනික සෙවීමත්, විරාගයේ අරවින්දගේ  රත්තරන් සිහිනයත් මතකයට නැගේ.සඳ  තවම පායා නැත. එහෙත් කොහේට හෝ හඳ පායා තිබිය යුතුය.
                            මා ව්‍යාධගේ ගෙදරටද ගොස් තිබේ.  මගේ බරිදත් ඔහුගේ බිරිදත් ගජ මිතුරියෝය. මගේ දරුවන් ඔහුගේ දරුවන් සමග කෙලි දෙලෙන් කල් ‍ගත කරත් එහෙත් වරෙක සියල්ල සිහිනයක් දැයි සැක සිතේ. මේ සමීප සගයා මට කොතරම් සමීප වී තිබේද යත් එපමනටම ඔහු කෙරෙහි මට අවිස්වාසයකුත් ජනිත වී තිබේ. ළගපාත සමීප ප්‍රශ්ණ  වලින් ඔහුව වටහා ගැනීමට නොහැකි බව වටහා  ගත් මම දිනක් ඔහුගෙන් ;ඔබ දෙවියන් පිළිගන්නවාදැයි දුර ප්‍රශ්නයක් ඇසූවෙමි. සංගාරව නම් මානවයා බුදුන් ගෙන් ඇසූ ප්‍රශ්නය නැවත මගෙන් අසන්නේ මන්දයයි අසමින් ඔහු මට නියවන්නට විය. මා දෙස බො හෝ වේලාවක ඔරවාගෙන සිට අනතුරුව කරුණු වශයෙන් සලකන විට දෙවියන් ඇතැයි බුදුන් වහන්සේ දේශනා කර ඇතැයි ඔහු මා සමග පැවසුවේය. 
               නර ලොව දෙන පුදට  - රිසිවන දොරින් දොර සිට.
               සුරනැයි යෙනු කුමට  - දූගී යාචකයිනට එනිවට.
                                      වීදාගම හිමියන්ගේ   කව් පද වලට හිනැහෙමින් ඔහු මා සමග දිගින් දිගටම තර්ක කරන්නට විය. බුදධ  ධම්ම  සංඝ යන ත්‍රිවිධ රත්නය තිබියදී දෙවි දේවතාවුන් ගැන සිතීමත් විහිලුවක් නොවේ දැයි මම ඔහුගෙන් නැවත ප්‍රශ්න කලෙමි. කරුණු වශයෙන් සලකන විට දෙවියන් සිටිත් යයි පැවසීම බොරුවක් නොවේදැයි බුදුන් වහන්සේගෙන් සංගාරව එදාද අසා ඇති බව කියමින් ඔහු උඩ පැන පැන සිනහවන්නට විය.  
                                     කරුණු  අනුව සළකන විට දෙයෝසිටිත් යයි පැවසූ විට එයින් නුවනැත්තෙකුට පිළිගත  හැක්කේ දෙවියන් ඇති බවයයි බුදුන් වහන්සේ දේශණාකළ  අයුරු ඔහු මහා හිමි නමක් මෙන් මට පහදා දුන්නේය.
                                              

Wednesday, May 6, 2015

සුකුමාල,රජස්, නිමිත්ත .......යන කෘති ත්‍රිත්වය දොරට වැඩීම නිමිත්තෙන් සුජිත්ට නිමිත්තක් -ජගත් මාරසිංහ-





සුජිත් අක්ක්රවත්ත විසින් ලියන ලද

සුකුමාල,රජස්, නිමිත්ත .......යන කෘති ත්‍රිත්වය දොරට වැඩීම නිමිත්තෙන්  සුජිත්ට නිමිත්තක්
ජගත්  මාරසිංහ


දාර්ශනික තීර්ථකයා
          නිම නොවූ වංශ කතාවක් උත්තර වංශ කථාව ලෙස කණගාටුවෙන්  සඳහන් කළ යුතුය. මහා  සිංහලයේ වංශ කථාවේ  රික්තය‍   පිරවීමට බොහෝ දෙනා උත්සාහ ගත්තද එය නිසි ලෙස  ඉටුවී  නොතිබීම දැවැන්ත අඩුපාඩුවක් ලෙස සැලකිය  හැක.  නමුත් එදිරවීර  සරත්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධනයන්, සුගතපාලද සිල්වානන්, සයිමන් නවගත්තේගමයන් වැනි විද්වත් කලාකරුවන් පිරිසක්  ‍මේපිලිඹඳ  නිසි අවබෝධයෙන්  කටයුතු කර තිබේ. මේ උත්සහයේ කැපී පෙනෙන පුද්ගලයා වුයේ  දයානන්ද ගුණවර්ධනයන්ය. ඔහුගේ ගජමන් නෝනා මධුර ජවනිකා,ආනන්ද ජවනිකා යන නිර්මාණ  ඒ  සොයා යා‍‍මේ ප්‍රතිඵලයකි  

                                                           මම එකල සිංහල බෞද්ධ මාක්ස්වාදියෙකු ලෙස පෙනී සිටියෙමි.මට  තවමත් ඉතා සමීප යහළුවෝ දෙදෙනෙක් ඇති බව සිතා සිටිමි. ඒ දෙදෙනානම්  දැනට ජීවිතය අතහැර සිටින සිද්ධාර්ථ  සහ කාල් මාක්ස්ය. නමුත් මට ඒ දෙදෙනා පිළිඹඳ නුරැස්සන සුලු හැඟීමක් ද  තිබේ. මක්නිසාද  යත් ඒ දෙදෙනාගේ වචන වලින් පිට කිසිවක් සිතන්නට මිනිසුන්ට ඉඩතබා නැති බැවිනි. මේ පිළිඳව ගැඹුරට සිතිය යුතුමය.කොහොමින් හරි මට වඩා වයසින් වසර දාහතරක් බාල වූ සුජිත් අක්කරවත්ත නමැති ගැටවරයා සමග විසි එක්වන ශත වර්ෂයේ උදාවත් සමගම මම පුංචි බොල්ලේ බෝ ගහ යටදී විවාදයක පැටලුනෙමි. එහිදී ඔහු සතුව තිබූ අවි ගොඩින් කෙලින්ම ටී පනස් හයක් ගෙන මාගේ මාක්ස්වාදී අස්තානය කුඩුකිරීමට ඉදිරිපත් වූ අකාරය එ් කාලයේ කිසිසේත්ම සරදමක් නොවීය. එහෙත් ඒ නිමේශයේ ඔහු නොදන්නා බොහෝ කාරණා  අප මොළ ලොඳ යට සැඟවී තිබිණි. අග්‍රවාදය මාක්ස් වාදය පිළිගත්ත ද මම පිරිවෙනක උගන්වන ගුරුවරයෙකු වූවෙමි. එමෙන්ම රාවණා යුගයේ සම ව්‍යාධියට අධිපති ලෙස සැලකෙන ව්‍යාධදේව සහ එවැනි අභිචාරී සංකල්ප ආදරයෙන් අධ්‍යනය කරන බව සුජිත් අක්කර වත්ත  නොදැන  සිටියේය.කෙසේ හෝ අපගේ සටන නිමා  විය. අපි  එකඟතාවයකට පැමිනියෙමු.            

                                       සුජිත් ජනතා මිතුරෝ සිට ජාතික හෙළ උරුමය දක්වා එකල විශේෂ භූමිකාවකට පන දුන් බව මම දනිමි. මම ජාතික සහ වාම වාදී ව්‍යාපාර වලින් ගිලිහී  ගිය අපතයන් නොවූ  බොහෝ දෙනා අවසානයේ තෝරාගත් තැබෑරුම තෝරා ගත් මධු ලෝලියෙකු වූවෙමි. නමුත් සිංහල බෞද්ධ මතවාදට සම්බන්ද කිසිම සමාජ ව්‍යාපාරයක ගැත්තෙකු නොවී සිටීමට වග බලා  ගතිමි. එහෙත් අභයගිරි සංස්කෘතිය මම උසස් කොට සලකන්නෙකු  වූවෙමි. මා අසා කියවා ඇති පරිදි මේ ලෝකයේ සිටි බලවත්ම රැඩිකල් වාදියා සිද්ධාර්ථයන් ලෙස හඟිමි. ඔහු කෙතරම් රැඩිකල් වාදීද යත් පාත්තරය දියට දමා තමාද උඩුකුරුව ගමන් කිරීමට මුල් විය. සුජිත් නැමති වෙනස් තරැණයා හමුවූ විටද, ඔහු ලියන කියනදෑ කියවන විටද එය ඔහුටද වැටහී ඇති බව මම තේරැම් ගතිමි. ඔය අතර කාලයේ මම සිහිනයක් දුටුවා යයි සිතින. ඒ පාහියන් අභය ගිරියේ නේවාසික වන්නට පෙර සුජිත් සහ මා එහි තිබූ විශාල දාන ශාලාවේ ලිප ගිනි  මොලවන ආකාරය බලා සිටි අයුරුය.

                                                      ක්‍රමයෙන් ලාංකීය ඇකඩමියේ විද්වතුන් ගොලු වූවා සේය. ඒ නිහඩත්වය බිදිමින් සමාජ ව්‍යාපාර නාමයෙන් විවිධ කල්ලි කණ්ඩායම් බිහිවන්නට විය. මේ දහරාවන් අතර කොටු වූ බොහෝ කුහකයෝද වූහ.මේ තත්ත්වය පිළඹඳ  අවබෝධයක් සුජිත්ට ජීවිතයෙන්ම උරුම වී තිබේ. කෙමෙන් ඔහුත් මමත් සහබන්ධන  පේ්‍‍‌‌‌‌‌‌මයක වෙඵණි. අන්තෝනියෝ ග්‍රම්ස්චිගේ සිතීමෙන් බැලූ විට ඇකඩමියාවට ඓන්ද්‍රීය බද්ධිමතුන් බැහැර කළ නොහැක. සුජිත් අක්කරවත්ත ද  ඓන්ද්‍රීය බුද්ධිමතෙකි.  ලංකාවේ තිබූ එකම බලවත් සමාජ ව්‍යාපාරය හෙළ හවුලයයි වරෙක මට දැනේ. යම් යම් ගැටලු සහගත තත්ත්වයන් වරින් වර මතුවූ නමුත් ඔවුන් යහපත් දැක්මකින් සමාජය වෙනස් කරන්නට දායක විය.  ඔව්හු ජාතික ඇඳුමක් නැති ජාතියකට ජාතික ඇදුමක්, ජාතික කොඩියක්, ජාතික ගීයක් ස්තාපිත කිරීමට  මහන්සි ගත්හ. එලෙසම පිරිමින්ට රෙද්ද සහ සරමද ස්ත්‍රීන්ට ඔසරියද බලයක් බවට පත් කළහ. කොටින්ම ජාතික ව්‍යාපාරයේ සුවිෙශ්ෂ වැඩ කොටසකට කරගසමින් ගෙදරට බුදු පහනද, පංසලට  සිල්රෙද්දද එක් කිරීමට තිරය පිටුපස සිටිමින්  අඟනා යුතුකමකම්  ඉටුකෙළ්ය. දුහුනන් දැනුම් සඳහා සිදත් සඟරාව යවත් කාලීන කරමින් ජාතික ව්‍යාපාරයේ බුද්ධිමය ජව සම්පන්න පෙරගමන් කරුවෙකු ලෙස  ඉතිහාසයට එක් උනේය. මේ ආලෝකය අනු දැක හෙළ මියැසිය සොයමින් සුනිල් ශාන්තයෝ හෙළයේ මුල්ම  දේශපාලන සංගීතඥයා වෙමින් ජාතික සංගීතයක් සොයා යාමේ මහා  මෙහෙවරට බලයක්ම වූහ. අහස පැහැදිලි විය.වලාකුළු විනිවිද සියල්ලෝ නෙත් හැර ජීවිතය සොයන්නට පටන්ගත්තා සේය.රේකාව,මනමේ පිටුපස මිනිසුන් පෙල ගැසෙන්නට පටන්ගත්තේය. තවමත්   අපගේ මොළයට නානා සුවඳ දැනෙනේ ඒ යුග පුරුෂයන්ගේ ප්‍රාණ වායුව සේ සිතෙන්නේ  අහඹුවකින් නොවන්නේය.                                                                                                              
                                                                   
                                                   සියල්ල මෙසේ සිදුවන අතර තුර අප දේශපාලනික චින්තනයේ තිබි රික්තකයන් දැවැන්ත ප්‍රාකාරයන් බවට පත්වීමටද වැඩිකාලයක් ගත වූයේ නැත.ඓතිහාසික හෞතික තත්ත්වයන් පවා විග්‍රහ කර ගැනීමට බටහිර ඉතිහාසයම කරපින්නා ගත්තා වූ  වමේ ව්‍යාපාරය බුද්ධ ධර්මය ගැන පවා විවිධ ආකාරයට නැවත කියවීම් කරන්නට පෙළඹී ඇතිබව සාධනය කළ හැක. 40 දශකයේදී මාටින් වික්‍රමසිංහ බුදුසමය සහ සමාජ දර්ශනය නම් ග්‍රන්තයේ බුද්ධ ධර්මය පිළඹද  මාක්ස් එංගල්ස් ගේ කියවීම් සම්බන්ධව යම් කියවීමක් කර ඇති නමුත් ඒ පිළිඹද වාමාංශික බුද්ධිමතුන් නිහඬ පිලිවෙතක් අනුගමන කර තිබේ. 80 දශකයේ අරම්භයේදීම සොභාදහමේ දයලෙක්තිකය නම් පරිවර්තන කෘතිය දොරට වැඩි අතර එය කියවමින් සිටියදී මා අත්අඩංගුවට ගත්තේ හදිසි නීතිය 17-1 වගන්තිය යටතේ අනාගතයේදී රාජ්‍ය ආරක්ෂාවට බාදාවක් වීමට ඉඩ ඇති  බවට චෝදනා කරමිනි. ඉන්දුලංකා ගිවිසුම මුල්කර ගනිමින් සිදුවූ මෙම විකට භයානක අත්දැකීම ලාංකේය පසුගාමිත්වය අත්දැකීමට පමණක් මට පිටි වහල් විය. එදා සිරගතවී සිටි රැඳවියෝ බුද්ධ ධර්මය සහ ඉතිහාසය කියවමින් දිවා රෑ සංවාද කරන්නට පටන් ගත්හ. මම ත්‍රී පිටකය, සොබාදහමේ දයලෙක්තිකය, තන්ත්‍රයානය, ඉතිහාසය, හරයා සියල්ලන් සමග ගැටෙන්නට වී. ඒ කඳවුරේ  සිටි රැඳවියන් අතුරින් මා සොයන දේවල් පිළිබඳ  ආදරයෙන්  සංවාද කිරීමට නොනිදා දායක වූයේ රැඳවියෝ සිය ගණනකින් දෙදෙනෙකු පමණි.  මේ  ඉඟියෙන් ඔබට එදා සමාජ  ප්‍රවනතා පිළිඹඳ ගැඹුරු යථාවක් අවබෝධ විය යුතුය. මේ අත්දැකීම  ලැබුවේ  එකල මා   පමණක් නොවන බවද  සඳහන් කළ යුතුය. ඒ ගිරි යථා මිනිසුන්ගෙන් ජීවිතය අහම්බෙන් ආරක්ෂා වී ඇත්තේ අත‍‌ාෙළස්සකගේ පමණි. පසුකාලයේ තැබෑරුමේදී නම් මට එවැන්නෝ වරින් වර හමු විය. අසූව දශකය  පිළිබඳ ඒ සිදුවීම ඉතා කෙටියෙන් මා සඳහන් කර තැබුවේ බොහෝ දේ කෙටියෙන් ඔබට දැනී යන බව දන්නා නිසාය.


                                                 කුමන  සමාජ කණ්ඩායම් සමාජ ව්‍යාපාර වෙසින් හතු පිපෙන්නාක් මෙන් මතු වී  හඞ නැගූ නමුත් සැබවින්ම සංගත දැක්මක් සැඟවී  තිබුණේ  අභය ගිරි ආධ්‍යාත්මික ආවේශයටය. අභයගිරි සංස්කෘතික දැක්ම විවෘතය. සැබෑවටම මේ පොළවේ විවෘත දැක්මක් තිබුනේ වාමාංශික ව්‍යාපාර වලට නොව අභයගිරි මූලයන්ගෙන් විකාශිත විශ්වීය දැක්මටය.මේ පොඩි කොල්ලා මතුවන්නේ යටපත් වී ඇති අභය  ගිරි මූලයන් ගෙන්  බව හගිමි. ක්‍රි;ව 1215 දී  මාඝගේ ආක්‍රමණය  ක්‍රි;පූ 89දී ආරමිභ වූ අභයගිරිය පරිහානියට පත් කළ නමුත් ඔවුන් ගෙන් රටට සිදුවූ  සේවය ඉන් නො නැවතුණි. දඹදෙනණි අවදියේ ලියැවුණු පූජා වලිය නම් මහා ග්‍රන්තය මහා නේත්‍ර ප්‍රාසාදිනියන්ගේ කෘතියකි.  කෝට්ටේ යුගයේ  හංසය සහ බුදුගුණ අලංකාරය රචනා කළ  වීදාගම හිමියන්ද අභයගිරියෙන් දැල්වූ ශාස්ත්‍ර එලියෙන් මතු වූ යතිවර හිමි නමකි. අභයගිරි නේත්‍රමූලයෙන් පැමිණි ශාස්ත්‍රාලෝකය යලි කෝහේදී හෝ මේ නිමේශයේ හො පත්තු වෙතැයි මමද බලාපොත්තුවෙන් කල් ගත කලෙමි.  එක්තරා කාලයක සැප සතුට තිබියදී ඒ ගැන නොතකා කුසට අහරක් නැතිව මහපාරේ ඇවිද  ගිය සුජිත් අක්කරවත්ත  නම් “දාර්ශනික තීර්තක කොලු ගැටයා යට සඳහන්  කළ බොහෝ විද්වතුන්ගෙන්  ඉතුරු බිතුරු වූ  රික්තකය පිරවීමට අවම කාලයකින් හෝ ඉදිරිපත් වීම අනාගත පරපුරට ප්‍රාර්තනාගාමී පිංකමක් බව සැබෑවකි. මක් නිසාද යත් ඔහු මේ කර්තව්‍යයට අත ගැසූ දා සිට ඒකාධිකාරී විචාරකයන් ඔහු මගහැර ගිය බව පෙනේ.ඒ අභගිරි සංස්කෘතියේ උණුසුම ඔවුනට නොදැනෙන නිසා වීමට පුළුවණ. ධර්මය ධර්ම සාහිත්‍යය නොදැන විචාර අවකාශයේ කරනම් ගසන්නන් මල විකාරයන් බවට පත් වෙද්දී සුජීත් අක්කර වත්ත ජාතික ව්‍යාපාර සෙවනේ රැඳී සිට පලක් තිබිය නොහැක. එයද උත්තරවංශය මගහැර විචාරකයන් යන ගමනේ ප්‍රතිඵලයකි.
                                              ථේරවාදයද, මාක්ස් වාදයද බොහෝ අය අතින් ලියවෙන්නේ යම්  අවේණික න්‍යාය රටාවකට යටත්වය. අභය ගිරියට ගරුකරන  විචාරකයන් සුජිත්ව සඟවා තැබීමට කටයුතු නොකරනු ඇතැයි සිතමි. අභයගිරිය මතුකිරීමෙන් මහා විහාරය හෝ මාක්ස් වාදීන්කිසිත් නොකළා යන්න කියන්නට කිසිසේත්ම මට අවශ්‍යයතාවක් නැති බවද  සඳහන් කළ යුතුය. බොහෝ දෙනෙකුට මග හැරී ගිය චූල  ‍‌ඓතිහාසික   දැක්මක් සුජිත් නිශාන්තය ඉල්ලන හිරු සේ පෙන්නා දී ඇත. නිරාමිස තන්ත්‍රයේ බුදුවරු පවා මතු කළ චින්තන රටා සුජිත්  ථේරවාදී  සංකල්ප තුලින්ම ඔප්නංවා තිබීමද අගේ කළ  යුතුය.
                   සුජිත් ගේ භාෂාව වාමාංශික බලපෑමෙන්  සපුරා වෙනස් වූද පාඨශාලීය  සිංහල භාෂාවෙන්ද  වෙනස් වූ  ස්වීය නිදහස් හද බසකි.  ‘’දිගාමඩුල්ලේ ආශ්චර්ය ‘’ලියූ මායා රන්ජන්ගෙන් පසු මට නම් මෙවැනි ස්වීය නිදහස් හද බසක් හමු වූයේ සුජිත් අක්කරවත්තගෙනි. සිංහල බෞද්ධ ජාතිවාදියෙකු ලෙස සමහරු සුජිත්ව වර්ග කිරීම අනිවාර්ය බවද සැබෑවකි. ඒ උත්තර මූල සංස්කෘතියේ නොදැනුම නිසා බව ද සැබෑවකි.ඉතිහාසයට පමණක් නොව ‍‌‍ඓතිහාසික බෞතිකවාදයටද නිගරු කරන එවැනි ඊනියා වාමාංශිකයෝ අභයගිරි සංස්කෘතික අවකාශය මෙරට මාක්ස් වාදයේ පැවැත්මට පිටිවහලක් වී ඇති බව වටහා ගැනීමට තරම් නිරහංකාර නොවන බව මේ නිමේෂයේද සැබෑවකි.

                                 මා සුජිත්ව දකින්නේ ඔහුගේ ලේඛන තුල පමනක්ම නොවේ.ඔහු ලියන කියන දෑ බොහෝ විට ඔහුගේ ජීවිතය  තුලින්ද මතුවේ. ලාංකේය වානිජ දේශපාලන  දේහයේ ක්‍රියාධරයෙකු බැවින් හෙට ඔහුගේ හද ගැස්මට කුමක් වේදැයි කියන්නට මම පේන කියන්නෙකු නොවෙමි. ඔහු එක්සත් ජාතික පක්ෂයට සංක්‍රමනය වූ පුවතින් කලක    මාද කම්පා  වූවෙකි. එහෙත් එය අපේ ඔළුවේ දිවෙන මනස්ගාතයක් මිස සැබෑවක් නොවන බව ද සැබෑවකි. ඒත් බං සුජිත්.........උඹ වානිජ දේශපාලනය නොකරන්නේ නම් යහපති. මක්  නිසාද යත් උත්තර වංශයේ ගිලිහී ගිය ඓතිහාසික චූල දේශපාලන සංකල්ප මේ නිමේෂයේ පුරුද්දන්නට මහන්සි ගන්නා  අතලොස්සක් වූ හදාරන්නන්ගෙන්  නුඹ  සාමින්‍ය සමාජයෙන් මතුවූ කැපී පෙනෙන ඓන්ද්‍රීය බුද්ධිමතෙකු බැවිනි. .

                             සැබවින්ම ආලෝකය සූර්ය දිව්‍ය රාජයාගෙන් ජනිත වන්නාක් මෙන්  පෙනෙන ආලෝකයම වන්නේය.  එහි ද්‍රව්‍ය වාදී  පදනම මට කම් කිම්.ආලෝකය යනු අඳුරමය කියා හෝ ප්‍රවාදයක් නිර්මානය කර ජන යහපතට වැඩ ගන්නවානම් යපතක්ම වෙනවා ඇත. විප්ලව, කැරලි සිදුවන්නේ ආර්තික සාධක පංති අරගල නිසා නොව සූර්යා මත හට ගන්නා පිපිරීම් නිසා බව ප්‍රවාදයක් බිහිකර එය ක්‍රමයෙන් සාධනය කරමින් සිටි රුසියානු විද්‍යාඥ චිජිවස්කිව ස්ටාලින් තමා මිය යන  තෙක්ම   හිර  ගෙට දැම්මා සේ  සූර්යාලෝකය ගැන කතා කරන්නට ගොස් වාද වලට පැටලෙනවාට වඩා අතීත උදුනක් ගැන කතා කිරීම යහපත් සේ මට දැනේ.මම නැවත සිහිනයක් හැබැහින් දුටුවෙමි. අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේලා  පන්දහසකට පමණ බත් දැමූ බත් ඔරුවේ ගිනි දැල්වී තිබේ. ඒ ආලෝකයෙන් පමනක් සුජිත්ගේ මුහුණ මට මැනවින් දර්ශනය වේ .කාලෙකට පසු පෑන අතට ගත්තේ අනාගතයත් ඉතිහාසයත් පවතින්නේ මේ නිමේෂයේ යන මහා ත්‍රාන්තික දැනුම සිහි වී නම්  නොවේමය. අතීතය සහ  වර්තමානය සහ අනාගතය ඔය දෙසන කිසිවක් මත රඳා  නොපවතින  බව දැනෙන  නිසාය. එසේ නම් මේවා රඳා   පවතින්නේ  කුමන අවකාශයකද? අප අභයගිරියට ආදරය කළ   යුත්තේ ඇයි දැයි  ඹබට දැන්  වත් වැටහෙන්නට පටන් ගත යුතුය.