බණ්ඩාරනායක මැරුවෙ
මම ඉපදෙන්න ඉස්සර...!
මරු සිරා මරද්දි
මම සෙල්ලම් කරනවා...!
මහගම සේකර මැරෙද්දි
මම පෙම් කරනවා...!
විජය කුමාරතුංග මරද්දි
මම හිර ගෙදර...?
මාර්ටින් වික‍්‍රමසිංහ මැරෙද්දි
මගෙ ඔලුවෙ තිබුණෙ විප්ලවය.
එදිරිවීර සරච්චන්ද්‍ර මැරෙද්දි
මම මුල්ලේරියාවෙ
විජේවීර මරද්දි මම තැබැරුමේ (වෙරි)
සයිමන් නවගත්තේගම මැරෙද්දි
මම
ගෙදර
ගේ හදනවා
පුතත් එක්ක...! දුකයි.
ඒත් ජීවිතය මරු
_____________________
by-ජගත් මාරසිංහ[
මාරේ අයියාගෙ සටහනක් — with Jagath
මේ මාතෘකාවම ලොකු උත්පප්‍රාසයක් ගෙනාවා. "මරු" කියන්නේ නියමයි කියන්නනේ. එත් කවියේ කතාවෙන්නේ මරුවා ඇඑන විට ඔබ සිටි ආකාරය ගැනයි. ඇත්තටම මේ කවිය "මරු" මාරේ. මහගමසේකර කෙලින්ම මරුවාට අභියෝග කළ කවියෙක්
ReplyDeleteමන්ද ඔතන හැංගී නුඹ කරන්නේ
අන්දකාර සළු පොරවා වරෙන්නේ
නින්ද නැතිව යහනේ මම තැවෙන්නේ
නින්ද සදාකලික කොට දියන්නේ.. මතකද ?
This comment has been removed by the author.
ReplyDelete